Positive Thinking-01

ඔබට යම් දෙයක් කරන්න පුළුවන් යැයි අදහසක් ඇති නම් පමණක් මෙය කියවීම වඩාත් ඵලදායි වනු ඇති. එහෙත් ... ජීවිතය කිසියම් පරිවර්තනයකට පත්කර ගැනීමට, ජය ගැනීමකට ලක් කිරීමට  අපේක්ෂා කරනුයේ නම් වුවද මෙතුළින් යම් ප්‍රයෝජනයක් ඔබට ගත හැකි වනු ඇතැයි තරයේ විශ්වස කරමි.



මොහොතක් සිතන්න...

බලන්න, ලොව සිදුවන සියලුම දේවල් එක්කෝ ''වීමකි'' නැතිනම් ''සිදුවීමකි''. මින් එහා දේවල් ලොව වනවාද??? එනම් ස්ථාවර කිසිවක් නොමැති බවයි නේද? එනම් මෙම සියලුම දේවල් යම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස හටගන්නා බවයි මින් පෙනෙන්නේ. එසේනම් යමක් කිසියම් හේතුවක ඵලයක් නම් එම ඵලයට බලපෑම් කිරීමේ හැකියාව අපට ලැබීම අපලත් භාග්‍යයක් ය.

ඔබට කිසියම් දෙයක් කළ නොහැකියයි විශ්වාසයක් පැවතිය හොත් එය කිරීමට හෝ ඉගෙනගැනීමට ඔබට ඇති කරනුයේ ඍණාත්මක හෙවත් පසුගාමී මානසික තත්ත්වයකි.
නමුත් මට පුළුවන් 'Yes I Can' හැගීමක් කිසියම් දෙයක් සම්බන්ධව ඔබට ඇති වන්නේ නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම එය අත්පත් කර ගත හැකි තත්ත්වයකි. එම දෙය පිළිබඳව අසීමිත විශ්වාසයක් ඇති කර ගැනීම මෙහිදී ඉතා වැදගත් ය.

නිරන්තරයෙන් මෙනෙහි කිරීම හා යටි සිත අවධි කොට ඒ තුළට කාවැද්දීම හරහා මෙම තත්ත්වය ඔබටම ස්වයං අධ්‍යයනයන් හරහා ඇති කර ගත හැකි ය.

සිහිනෙන් දකින්න...
සිහිනය විශ්වාස කරන්න...
 ‍එම සිහිනය සෙමෙන් සෙමෙන් සිත්තම් කරන්න... 

ඔබ දකිනවා ඇති සමහර අය සම්බන්ධව තවත් අය කියන  දක්වන අදහස්
බලා ගත්ත අත බලා ගෙන සිටිනවා...
යන්නන් වාලේ යනවා...
ජීවත් වන්න ඕන නිසා ජීවත් වෙනවා...
කන්න ජීවත් වෙනවා... මිසක් ජීවත් වෙන්න කනවා නෙවේ...
ජීවිතයට කිසිම අලුත් බවක් නෑ...
මේ ජීවිතේ කිසි අර්ථයක් නෑ...
හැමදාම වැඩට යනවා එනවා එච්චරයි...
බලාපොරොත්තු නෑ...
අරමුණක් නෑ...
කරන්න ඕන මොනවාද කියලා හිතා ගන්න බෑ...
ජීවිතයම හිස්...

ඇයි මෙහෙම උනේ...
සිතන්න ... සිතන්න.... සිතන්න...
මොහොතින් මොහොත ජීවිතය ඉදිරියට යනවා...
තත්පර... විනාඩි... පැය... දින... සති... මාස... අවුරුදු ... වශයෙන් අපි පසු පසට යනවා...
එත් අපි එකතු කරගත් දෙයක් නෑ...
මොනවද කලේ....
කිසිම දෙයක් නෑ...

ජීවිතය කියන්නේ මේකද???
ජීවිතයට මීට වඩා අරමුණු තිබිය යුතුයි නේද...
මේ ආත්මය ලබන වාරයේ ලබා ගන්න බැරිවුනොත්???
අපරාදෙ නේ...

ජීවිතයට නිකම්ම තේරුම් එන්නේ නෑ...
අපි අරමුණක්, අරමුණු දෙන්න ඕනෑ...
අරමුණක් නැති ජීවිතය 'ලිපිනය නොලියා තැපල් කරපු ලියුමක් වගේ'...
යනවා පමණයි.
නිශ්චිත ගමන් මාර්ගයක් නෑ...
එක තැන පල් වෙනවා...
මෙය මුහුදට, ගඟට, වායුගොලයට  වූවානම් ලොවට මොකක් වේද?
බලන්න සොබා දහමේ චක්‍රීය බව...
අසමතුලිතතා සමනය කර ගන්නා ආකාරය දෙස...

නිරන්තරව ජීවිතයට අරමුණක් අරමුණු ඇති කර ගන්න...
එම සුන්දර අරමුණ අරමුණු යථාර්ථයක් කර ගන්න සිහින මවන්න...
එම සිහින සෙමෙන් සෙමෙන් ගෙත්තම් කරන්න...
පියවරෙන් පියවර නැගිටින්න...
නිරන්තරයෙන් මෙනෙහි කරන්න...
ලබා ගත් ජයග්‍රහන ගැන සතුටු වන්න...

සෑම දිනකම, හැකි සෑම විටකම මෙනෙහි කරන්න. 

ආත්ම විශ්වායෙන් මුවහත්ව සිටින මට, ඕනැම දෙයක් කළ හැක.
මම පරාජය විශ්වාස නොකරමි.
මගේ සුන්දර ජීවිතය මටම ආවේණිකතාවයකින් ඉහළට ඔසවා තැබීමේදී මා ගන්නා ඉලක්කවලට මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන මම සැළකිළිමත් නොවෙමි. මම සැළකිළිමත් වන්නේ මා ‍කරන යහපත් ක්‍රියාව අන් ජීවිත සංවර්ධනයට කොපමණ උපකාරී වන්නේ ද යන්න මත පමණි.
විශ්වයේ කුමන ශක්තියකටවත් මගේ ආධ්‍යාත්මික ශක්තියට අභියෝග කළ නොහැක.

ඔබට නියත ජයක්...